31 C
Colombo
Saturday, May 4, 2024

සජිත් සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් අතර හමුවක්

- Advertisement -

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාරතමේන්තුවේ ප්‍රධානීන් පිරිසක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමග ජන සන්ධානයේ නියෝජිතයන් අතර, හමුවක් අද (25) පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදු වී තිබෙනවා.

දෙපාර්ශ්වය අතර සිදු වූ මෙම සුවිශේෂී සාකච්ඡාව පැයක කාලයකට පමණ සීමා වූ අතර, මෙම සාකච්ඡාවට අමතරව විනාඩි 45 ක කාලයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ මධ්‍යම කාරක සභාවේ උප ඇමතිනී සන් හයියන් අතර, මුහුණට මුහුණ පෞද්ගලික සාකච්ඡාවක් ද පැවැත්වූ බව වාර්තා වනවා.

මෙහිදී ආර්ථික, වාණිජ, ව්‍යාපාර, දේශපාලන සබඳතා යන ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව සහ චීනය අතර ව්‍යාපාර සම්බන්ධතා ගොඩනැගීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබෙනවා.

චීනයේ ආර්ථික සංවර්ධන මොඩලය අප රටට ආදේශ කර අප රට පවතින තත්ත්වයෙන් ගොඩගත හැකි ක්‍රම වේදයක් සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී ඇති අතර, එහි දී චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කියා සිටියේ මෙරට ආර්ථිකය නැවත පණ ගැන්වීම උදෙසා අමෙරිකානු ඩොලර් මිලියනයක ආයෝජනයක් කිරීමට අපේක්ෂා කරන බවයි.

එහිදී විපක්ෂ නායකවරයා විසින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් ද පැමිණ සිටි දූත පිරිස දැනුවත් කර තිබුණා.

එමෙන්ම, මේ වසර මැතිවරණ වසරක් බැවින් එහි වැදගත්කමද ඔහු විසින් පැමිණ සිටි පිරිසව දැනුවත් කරන ලද අතර, ජනතාව අපේක්ෂාවෙන් සිටින ජනතාවාදී පාලනයක් ගොඩනැගීම වෙනුවෙන් තමා ඇතුළු සමගි ජන බලවේගය සූදානම් බවද විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...