අද (25) දහවල් Meta ආයතනයට අයත් WhatsApp සමාජ මාධ්‍ය ජාලය බිදවැටීමත් සමඟ Viber සමාගම එය වක්‍රාකාරයෙන් සමච්චලයට ලක්කර තිබෙනවා.
Viber සමාගම සිය නිල ෆේස්බුක් පිටුවේ සදහන් කර ඇත්තේ Stable for 12 years (and counting) යනුවෙන්.
ඒ අනුව ඔවුන් පවසා ඇත්තේ වසර දොළහක් පුරාවට සිය යෙදුම ස්ථාවරව පවතින බවත් එය මින් ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පවතින බවත්ය.
කෙසේවෙතත් මීට ලැබී ඇති ප්‍රතිචාර නම් එතරම් යහපත් තත්ත්වයේ පවත්නේ නැහැ.
ඊට අදහස් දක්වමින් ඇතැමෙක් පවසා ඇත්තේ එය ස්ථාවරව පවතින්නේ බොහෝදෙනා එය භාවිතයෙන් අතහැර ඇති නිසා බවයි.
මේ අතර තවත් අයෙක් Viber සමාගම සමච්චලයට ලක්කරමින් විමසා ඇත්තේ තවමත් එම යෙදුම භාවිතයේ පවතින්නේද යන්නයි.