ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ බොරුපන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
සිය නිවස තුළ නිදාසිටියදී එම පුද්ගලයා මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.
පොලීසිය පවසන්නේ, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
අද (16) අලුයම මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.