26 C
Colombo
Monday, April 29, 2024

මොරගල්ල ප්‍රදේශයේ නිවසක අභිරහස් මරණයක්

- Advertisement -

තිදරු මවක කැපුම් තුවාල සහිතව අභිරහස් ලෙස ඊයේ (17) මිය ගොස් ඇති බව අලුත්ගම පොලීසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, මොරගල්ල – කාලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි ව සිටි එස්.ශිරානි ලක්ෂිකා කුමාරි නමැති 47 හැවිරිදි කාන්තාවක්.

මිය ගොස් ඇති කාන්තාව මුහුණේ කැපුම් තුවාල සහිතව නිවසේ වැටී සිට ඇති අතර, ඇය ව බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඇය මිය ගොස් සිට ඇති බව වාර්තා වනවා.

ඒ අනුව පොලිස් විමර්ශනවල දී නිවසේ නිදන කාමරයේ, මැදසාලය සහ ඉදිරිපස දොරටු අසල ලේ පැල්ලම් දක්නට ලැබෙන බව පෙනී ගොස් තිබෙනවා.

මරණකාරිය මෙම සිද්ධියට මුහුණ පාන අවස්ථාවේ නිවස තුළ කාන්තාවගේ ස්වාමියා, පුතකු සහ දියණියක එම නිවසේ සිට ඇති බවට තහවුරු වී ඇති බව පොලීසිය පවසනවා.

කෙසේ වෙතත් ඔවුන් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ, ඔවුන්ගේ මව තුවාල සහිත ව නිවසේ ඉදිරිපස ප්‍රධාන දොරටුව අසල වැටී සිටිය දී රෝහල්ගත කළ බවයි.

මෙම අභිරහස් ඝාතනය නිවසේ සිටි පුද්ගලයෙකු සිදු කළේද, එසේත් නැති නම් බාහිරින් පැමිණි පුද්ගලයකු සිදු කළේද යන්න පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...