26 C
Colombo
Monday, May 6, 2024

කංසා සඳහා ඇති ඇතැම් නීතිමය බාධාවන් ඉවතට

- Advertisement -

කංසා සඳහා පවතින ඇතැම් නීතිමය බාධාවන් ඉවත් කිරිම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා.

එහිදී, අත්අඩංගුවට ගන්නා කංසාවලින් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කරනු ලබන ප්‍රමාණය හැර සෙසු ප්‍රමාණය ඖෂධ සකස් කිරීමට ආයුර්වේද සංස්ථාවට භාරදීම සඳහා අවධානය යොමුව තිබෙනවා.

එම අමාත්‍යංශය සදහන් කළේ ඊට අදාළ ක්‍රමවේදයක් සකස් කිරීම සදහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැති බවයි.

අත්අඩංගුවට ගන්නා කංසා ආයුර්වේද සංස්ථාවට භාරදීමට පෙර භාරදුන් ප්‍රමාණය හා විනාශ කරන ලද ප්‍රමාණය පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා එහිදි උපදෙස් ලබාදී ඇති අතර ආයුර්වේද සංස්ථාවට භාරදෙන ලද කංසා ආයුර්වේද සංස්ථාව දක්වා ප්‍රවාහනය කිරීම, එහි ආරක්ෂාව ඇතුළු වගකීම් පොලීසිය විසින් භාර ගත යුතු බවට එහිදී යෝජනා වු බවයි අධිකරණ අමාත්‍යංශය සදහන් කරන්නේ.


RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...