33 C
Colombo
Wednesday, May 1, 2024

කැලණි පාලම ගැන අලුත් යෝජනාවක්

- Advertisement -

නව කැලණි පාලමේ ඇණ මුරිච්චි ගලවාගෙන යන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගෙන් බේරාගැනීම සඳහා එය අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට පාර්ලිමේන්තුවේදී යෝජනාවක් පැමිණ තිබෙනවා.

මීට අමතරව මෙම ප්‍රදේශයට පොලිස්, හමුදා මුර සංචාර හා පොලිස් මුරපොළක් යෙදවීමටත් තීරණය වී තිබෙන බව සඳහන්.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් නව කැලණි පාලමේ යටින් රිංගා දිගින් දිගටම ඇණ ගලවන බවට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් පෙරේදා (21) පෙන්වා දී තිබෙනවා.

මෙමගින් නව කැලණි පාලම අනතුරුදායක තත්ත්වයකට පත්විය හැකි බව එම නිලධාරීන් පෙන්වා දි තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ මොහොතේදී මේ බව අනාවරණය වී තිබෙන බව සඳහන්.

මීට අමතරව මෙම පිරිස් කටුනායක අධිවේගී මාර්ගයේත් තඹ කම්බි, ඇණ මුරිච්චි හා විදුලි රැහැන් කපාගෙන යන බවත් මේ වන විට රුපියල් මිලියන 286ක් වටිනා තඹ කම්බි කපාගෙන ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රජයේ විධායක නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව හෙට (02) සහ අනිද්දා (03) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. වැටුප්...

අර්ජුන – සජිත් තලවකැලේදී එකම වේදිකාවක

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී පලනි දිගම්බරම් මහතා විසින් අද (01) පෙරවරුවේ තලවකැලේ ප්‍රදේශයේ මැයි රැළියක් සංවිධාන කර තිබුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්...

ඇල්ල – කරඳගොල්ල නාය යෑම් ගැන පරීක්ෂණ ඇරඹෙයි

ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයෑම් තත්ත්වය පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයින් පිරිසක් අද (01) එහි පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා. ආපදා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...