කොරෝනා ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් සුපිරි වෙළඳසැල් සහ මහපරිමාණ වෙළඳසැල් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ වෙළඳසැලෙහි එක් අවස්ථාවක සිටිය හැකි උපරිම සංඛ්‍යාව පිටතට පෙනෙන අයුරින් ප්‍රදර්ශනය කළ යුතු බවටයි එම මාර්ගෝපදේශන මාලාවේ දැක්වෙන්නේ.
එමෙන්ම අදාළ වෙළඳසැල් තුළ සිටින අවස්ථාවලදී පුද්ගලයින් දෙදෙනෙකු අතර වර්ග මීටර එකහමාරක පරතරයක්ද පවත්වා ගත යුතු වනවා.
එසේම සිනමාශාලා සහ ළමා උද්‍යානද වසා දැමිය යුතු බවටයි නව මාර්ගෝපදේශන මාලාවෙන් දක්වා ඇත්තේ.


