33 C
Colombo
Monday, April 29, 2024

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

- Advertisement -

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ඒ වෙනුවට තීරු බද්ද හා බැදුණු නව සෘතු බද්දක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වෙළඳපලට පැමිණෙන වකවානුවේදී ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ක්ෂණිකව හඳුන්වා දිය හැකි බද්දක් ලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉතා වැදගත් වු බවයි.

නමුත් එම බද්ද පනවන වකවානුව තුළ රට තුළ ඇති භාණ්ඩ තොග සඳහා වැඩි අගයක් ආරෝපණය වීම, එසේම එම බද්ද අඩුකළ අවස්ථාවලදී රටතුළ ඇති භාණ්ඩවල මිල ගණන් අඩු නොවී අපේක්ෂා කළ සහනය ජනතාවට නොගොස් ව්‍යාපාරිකයා පැත්තට යාම වැනි කරුණු මෙම බදු ක්‍රමය අහෝසි කිරීමට හේතු වූ බව අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් ගොවියා ආරක්ෂා කර ගැනීම සඳහා ගොවි නිශ්පාදන වෙළඳපලට පැමිණෙන වකවානුව නිශ්චිතව හදුනාගෙන, දියුණු රටවල මෙන් තීරුබදු හා බැඳුණු නව බදු ක්‍රමවේදයක් හදුන්වා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...