26 C
Colombo
Wednesday, February 19, 2025

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු කරන බව පෙනෙන්නට ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මෙවැනි අර්බුද මීට පෙරද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන බව පැවසූ හිටපු ලේකම්වරයා පක්ෂයේ බලය අල්ලා ගැනීමට කටයුතු කරන කුමන්ත්‍රණකාරින් සභාපතිවරයා හරහා තමා ලේකම් ධුරයෙන් ඉවත් කළ බවද සඳහන් කළා.

ලේකම් ධුරයෙන් ඉවත් යන විට ඊළඟට පහර දෙන්නේ ඔබතුමාට යැයි තමා එදා මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවසූ බව සිහිපත් කළ ජයසේකර මහතා මේ වන විට එය සත්‍යයක් වී තිබෙන බවද පවසනවා.

දැනට වාරණයට ලක් කර සිටින සභාපතිවරයාට එරෙහිව ඇති නඩුවේ තුන්වෙනි වග උත්තරකරුවන්නේ නිමල් සිරිපාල ද සිල්වා මහතා යැයි පැවසු හිටපු ලේකම්වරයා හොර දේශපාලන මණ්ඩලයක් ඔහු පක්ෂයේ සභාපති ධුරයට පත් කර ගෙන තිබෙන බවද පවසා සිටියා.

මේ ඉතාම කූට ලෙස සැකසූ උපක්‍රමයක් බව පැවසූ ජයසේකර මහතා මෙම කුමන්ත්‍රණයේ අවසාන ප්‍රතිඵලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරා දැමීම බව දයාසිරි ජයසේකර මහතා පවසනවා

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා කලීල් මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත...

POPULAR ARTICLES