33 C
Colombo
Sunday, May 5, 2024

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින් ගැන දැනුම්දීමක්

- Advertisement -

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා.

මෙම ප්‍රහාර මාලාව හමුවේ එරට සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් ඔහු ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමග ඩුබායි සිට ටෙල් අවීව් දක්වා පියාසර කරන ලද ගුවන් යානය සම්බන්ධයෙන්ද කරුණු පැහැදිළි කර තිබුණා.

ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් FZ-1625 දරණ ගුවන් යානය ඊයේ රාත්‍රියේ 20.10ට පමණ ටෙල් අවීව් දක්වා දක්වා ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබුණු බව නිමල් බණ්ඩාර මහතා සිය නිවේදනයෙන් පවසනවා.

ඒ සමගම වහාම ක්‍රියාත්මක වී එම යානය නැවත හරවා ඩුබායි දක්වා පියාසර කරවීමට පියවර ගෙන ඇති බවද නිමල් බණ්ඩාර මහතා සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

එම යානයේ ඊශ්‍රායලය බලා පැමිණීමට සිටි ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට කටයුතු කරමින් සිටින බවද නිමල් බණ්ඩාර මහතා පවසනවා.

මේ අතර අප්‍රේල් මස 13 වනදා ශ්‍රී ලාංකිකයින් දෙදහසකගේ පමණ සහභාගීත්වයෙන් ජෙරුසලම් ශන්කර් ක්‍රීඩාංගණයේ උත්සවයක් පවත්වා ඇති බවත් ඉන් අනතුරුව ඔවුන් සිය වාසස්ථාන කරා ගොස් ඇති බවත් ශ්‍රී ලංකා තානාපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වාදෙනවා.

එසේම ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තානාපති කාර්යාලය අවධානයෙන් පසුවන බවත් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

මේ අතර ඉරානය විසින් ඊයේ රාත්‍රියේ ෂෙල් සහ මිසයිල ප්‍රහාර 500කට වඩා වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායලය වෙත එල්ලකර තිබුණ ද මේ දක්වා තුවාලකරුවන් ලෙස එක් කුඩා දියණියක් පමණක් වාර්තා වී ඇති බවද ඒ මහතා සඳහන් කළා.

එම ප්‍රහාර සියල්ල ගුවනේදීම විනාශ කිරීමට  Iron Dome පද්ධතිය සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මේ අතර සිය නිවේදනය මගින් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ ජෝර්දානය, ලෙබනනය, ඉරාකය ඊශ්‍රායලය ආදී රටවල් වෙත ගමන් ගන්නා ගුවන් ගමන් එම කලාපය මගහැර නැවත වෙනත් ගුවන් මාර්ග ඔස්සේ යුරෝපයේ බොහෝ රටවල් වෙත ගමන් කිරීම හේතුවෙන් එම ගමන් සඳහා ගතවන කාලය සහ ප්‍රවේශපත්‍ර ගාස්තුව ද ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් මැදපෙරදිග කලාපයේ සහ යුරෝපීය රටවල් වෙත ගමන් කිරීමට ගුවන් ප්‍රවේශපත්‍ර ලබාගෙන ඇති පිරිස එම ප්‍රවේශපත්‍ර පිළිබඳව නැවත අවධානය යොමුකරන ලෙසට ද නිමල් බණ්ඩාර මහතා ඉල්ලා සිටිනවා.

උද්ගතව ඇති මෙම තත්ත්වයත් සමග ඊශ්‍රායලය වෙත පැමිණෙන සහ ඊශ්‍රායලයෙන් පිටවන ගුවන් යානාවල ප්‍රමාදයන් වාර්තාවිය හැකි බවද නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...