28 C
Colombo
Saturday, July 27, 2024

ඊශ්‍රායලයට දැඩි මිසයිල ප්‍රහාරයක්

- Advertisement -

ඉරානය විසින් ඊශ්‍රායලයට දැඩි මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ඊයේ (13) රාත්‍රී ඉරානය විසින් ඊශ්‍රායලයේ හඳුනාගත් ස්ථාන කිහිපයකට ඩ්‍රෝන සහ කෲස් මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි.

ඉරානය විසින් ඔවුන්ගේ භූමියේ සිට සෘජුවම ඊශ්‍රායලය ඉල්ලක්ක කර ගනිමින් දැඩි ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථව මෙය බවද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

පසුගිය අප්‍රේල් මස පළමුවන දින සිරියාවේ ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වෙනවා.

එම ප්‍රහාරයෙන් ඉරාන කොන්සල් කාර්යාලයේ සිටි හමුදා ප්‍රධානීන් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබුණා.

අදාළ ප්‍රහාරයට පළි ගැනීමක් වශයෙන් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බවට ඉරාන නායකයා ප්‍රකාශ කර තිබූ අතර ඊයේ රාත්‍රී එම ප්‍රහාරය දියත් කර ඇති බව සඳහන්.

එහිදී බැලැස්ටික් මිසයිල ප්‍රහාර ද එල්ල වී ඇති බව වාර්තා වෙනවා..

එමෙන්ම, ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමග මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් ද නතර කර ඇති බව වාර්තා වෙනවා.

මේ අතර, ඉරානය විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානා සහ මිසයිල 200 කට වැඩි සංඛ්‍යාවකින් බහුතරයක් වෙත  තම මිත්‍ර රටවල් ප්‍රතිප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය නිවේදනය කරනවා.

ඔවුන් තවදුරටත් පවසන්නේ ඊශ්‍රායලය දෙසට ගමන් කළ ඉරාන ඩ්‍රෝන යානා කිහිපයක් ඇමෙරිකාව විසින් බිඳ හෙළා ඇති බවයි.

මේ අතර, මෙම ප්‍රහාරයත් සමඟ මේ වන විට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ එක්සත් ජනපදයේ ජන්නපති ජෝ බයිඩන් මේ වන විට දුරකථන සංවාදයක නියැලෙන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...