33 C
Colombo
Thursday, May 2, 2024

ලබන 20 වනදා පක්ෂ නායක රැස්වීමක්

- Advertisement -

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් එළඹෙන 20 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

20 වනදා පෙරවරු 11ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ.

අලුත් අවුරුද්දෙන් අනතුරුව පැවැත්වෙන පළමු නායක රැස්වීම මෙය වන අතර මෙම රැස්වීමට සහභාගී වන සියලු පක්ෂ නායකයන්ට දැනුම් දී තිබෙනවා.

මේ අතර අලුත් අවුරුද්දෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය එළඹෙන 25 වනදා පැවැත්වෙනවා.

ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එදිනට සැලසුම් කර තිබෙනවා.

මේ අනුව අදාළ පනත මේ වන විට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී 20 වනදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත් මෙම පනත පසුගිය 04 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත තිබුණද පාර්ශව රැසකින් එල්ල වූ විරෝධය හමුවේ එය ඉදිරිපත් කළේ නැහැ.

මෙම පනතට එරෙහිව අධිකරණයට යෑමට ප්‍රමාණවත් කාලයක් නොමැති වීම හේතුවෙන් පනත ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන ලෙසද ඇතැම් පාර්ශව රැසක් ඉල්ලා සිටියා.

RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...