32 C
Colombo
Wednesday, May 8, 2024

දිවයිනේ කීර්තිගෙන් ආයෙත් අතේ පැළවෙන පචයක්

- Advertisement -

අත්ලාන්තික් සාගරයේදී අතුරුදන් වූ සබ්මැරීනයේ නියමුවා ලෙස ක්‍රියාකර ඇත්තේ සබ්මැරීන් නියමුවකු නොව වීඩියෝ ක්‍රීඩා මෙහෙයවන්නෙකු බව ඇමරිකානු සී.බී.එස් පුවත් සේවය වාර්තා කළ බව දිවයින පුවත්පත වාර්තා කර සිටිනවා.

කෙසේ නමුත් සී.බී.එස් පුවත් වාර්තාවේ එවැන්නක් සඳහන් නොවීම විශේෂයක්.

එම සී.බී.එස් පුවත් වාර්තාවට අනුව පැවසෙන්නේ ටයිටැනික් සුන්බුන් නැරඹීමට ගිය Titan නමින් හැඳින්වෙන මෙම සබ්මැරීනය පාලනය කරනු ලබන්නේ වීඩියෝ ක්‍රීඩා පාලකයකට (video game controller) සමාන උපාංගයක් මගින් බව අදාල සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පැවසූ බවයි. එවැනි උපාංග මගින් පාලනය වන ගුවන් යානා සහ සමුද්‍රීය යාත්‍රා කිහිපයක්ම ඇති බව University of the West of England හි අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ස්ටීව් රයිට් පවසනවා.

එමෙන්ම, මෙම කුඩා සබ්මැරීනය පාලනය කර ඇත්තේ එය නිර්මාණය කළ OceanGate සමාගමේ රධාන විධායක නිලධාරියා වන Stockton Rush විසින් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දිවයින පුවත්පතට මෙම පුවත වාර්තා කළ කීර්ති වර්ණකුලසූරිය විසින් විදෙස් පුවත් ඉතාමත් වැරදි සහගත ලෙසට පරිවර්තනය කළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර අවස්ථා ගණනාවකදීම ඔහු මෙවැනි සාවද්‍ය පුවත් වාර්තා කර ඇති අතරම දිවයින පුවත්පත දිගින් දිගටම ඔහුගේ පුවත් පළ කිරීමත් දිවයිනේ මාධ්‍ය භාවිතය සම්බන්ධව ගැටළු ඇති කරන්නක් බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.

මෙම පුවත මුද්‍රිත පුවත්පතේ ඇති නමුත් සිය වෙබ් අඩවියෙන් එය ඉවත් කරගැනීමට දිවයින මේ වන විට කටයුතු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

යුක්‍රේන යුද්ධයට ලාංකිකයින් යැවීමේ ජාවාරම නවතන්න මෙහෙයුමක්

රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා භටයන් යොමු කිරීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය...

Breaking: ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන දුන් තීරණය

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ කටයුතු කිරීම අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත්...

නාන තටාකයකට වැටී හෝටල් සේවකයෙක් මරුට

රඹුක්කන පොලිස් වසමේ කඩිගමුව, ලබුගොල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක සේවකයෙකු එහි නාන තටාකයට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ  මියගොස් ඇත්තේ 37 හැවිරිදි පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය පවසන්නේ,...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...