33 C
Colombo
Thursday, May 2, 2024

තරුණ තරුණියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්

- Advertisement -

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ තරුණ දේශපාලන නියෝජිතයන් සමඟ ඊයේ (18) නුවරඑළිය ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා.

බොහෝ දෙනා අසීරු බව පැවසූ බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමේ අභියෝගය භාරගත් තමා වසර දෙකක් තුළදි රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ආ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ඉදිරියට ගෙන යාමට අවශ්‍යව ඇත්තේ සාමුහිකත්වය පමණක් බව කියා සිටියා.

නුවරඑළිය දිස්ත්‍රික්කය ඉහළ සංචාරක ආකර්ශනයක් දිනාගත් ප්‍රදේශයක් ලෙස සංවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අද ඇතැමුන් අකුල් හෙළමින් සිටින බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණා.

පැරණි දේශපාලනයේ නිරතව රට සංවර්ධනය කළ නොහැකි බවත්, රටට අවශ්‍ය ආයෝජන ආකර්ශනය කර ගනිමින් රට සංවර්ධනය කිරීමට නම් සියලුදෙනා එකඟතාවයකින් කටයුතු කළයුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

රජයේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ සමඟ රට තුළ ඇතිවී තිබෙන ආර්ථික ස්ථාවරත්වය නිසා ජනතාව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද චාරිත්‍රවලට මුල් තැන දෙමින් සතුටින් සැමරු බව ද සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සියලු ක්ෂේත්‍රවල සිදුව තිබෙන පිබිදීම සමඟ ජනතාවගේ ආදායම් මාර්ග ද ඉහළ යමින් තිබෙන බවත්, රටේ සියලු ජනතාවට මෙම ප්‍රතිලාභය හිමි කර දීම තම අරමුණ බවත් පැවසුවා.

තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම වෙනුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ප්‍රාදේශීය තරුණ කේන්ද්‍ර පිහිටුවීමට සැළසුම් කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා එම ප්‍රාදේශීය තරුණ කේන්ද්‍ර හරහා තරුණ ව්‍යවසායකයන් නගාසිටුවීමට කටයුතු කරන බවත්, බැංකු ශාඛාවල ප්‍රධාන නිලධාරීන් සහ වාණිජ මණ්ඩල සාමාජිකයන් ද ඊට සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර ඇති බවත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...