28 C
Colombo
Sunday, May 5, 2024

Open Accounts තහනම් කරන්න නන්දලාල්ගෙන් යෝජනාවක්

- Advertisement -

පසුගිය දින කිහිපය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ගණන් හි යම් පහළ යාමක් වාර්තා වූ අතර විවෘත ගිණුම් (Open Accounts) හරහා භාණ්ඩ ආනයනයට අවස්ථාව ලබා දීම ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ බව බව කියැවිණි.

කෙසේවෙතත්, එසේ භාණ්ඩ මිල පහළ යාමක් වාර්තා වූයේ විවෘත ගිණුම් නිසා නොව ගන්නා ලද ප්‍රතිපත්ති තීරණවල ප්‍රතිඵලයක් වශයෙන් බවයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසන්නේ. එසේම විවෘත ගිණුම් තහනම් කිරීමට යෝජනා කරන බවද අධිපතිවරයා මෙහිදී කියා සිටියා.

පසුගිය 18 දා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුවේ දී මාධ්‍ය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ දී භාණ්ඩ මිල අඩුවීමට හේතුව විවෘත ගිණුම් හරහා ආනයනය කිරීම නිසා නෙමයි. ඒක මම පැහැදිලිව පිළිගන්න දෙයක් නෙමෙයි. මේ අඩුවීමට අපි දකින විදියට හේතුව විදේශ විනිමය අනුපාතිකය යම් ස්ථාවරව තබා ගැනීම.

Open Accounts යම්කිසි ආකාරයකට සීමා කරපු නිසා ඒකෙන් උන්ඩියල්, හවාලා ක්‍රමයට මුදල් යැවීම අඩු වීම නිසා හවාලා, උන්ඩියල් ක්‍රමයෙන් යන වියදම අඩුවෙලා තිබෙනවා. එතකොට Open Accounts වලින් යම්කිසි ආකාරයකට යම්කිසි අවස්ථාවක ගෙන්වන අයෙකුට වුණත් ඒගොල්ලන්ගේ විනිමය අනුපාතය අඩුවෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ විදියට අඩුවෙලා තියෙන්නේ. 

දැන් තියෙන තත්ත්වය අනුව ඉදිරියට යන කොටත්, අපි යෝජනා කරලා තියෙනවා Open Accounts තහනම් කරන්න කියලා. ළඟදීම ඒ චක්‍රලේඛය නිකුත් කරයි. එසේ කළාම අත්‍යාවශ්‍ය දේ සඳහා අවශ්‍ය නම් බැංකු ක්‍රමය තුළින් මුදල් සපයන්න පුළුවන්. Open Accounts කියන එක අවශ්‍යම නැහැ.

බඩු මිල අඩුවීමට හේතුව අනෙකුත් ගන්නා ලද ප්‍රතිපත්ති රාශිකය ප්‍රතිඵල මිස Open Accounts නිසා නෙමයි. යම් යම් වෙළෙඳුන් පෙන්වන්න උත්සාහ කරනවා ඒක නිසා බඩු මිල අඩු වුණා කියලා. ඒක නිසා නෙමෙයි ඇත්තටම අඩු වුණේ. අනෙකුත් ප්‍රතිපත්ති නිසා අඩුවුණේ. ඒක දිගටම පවත්වා ගෙන යන්න පුළුවන්.

RECENT ARTICLES - SINHALA

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...