28.9 C
Colombo
Friday, April 26, 2024

කොවිඩ් එන්නත විදීමේදී සරසවි සිසුන්ටත් මුල්තැන දෙන්න යෝජනාවක්

- Advertisement -

කොවිඩ් එන්නත ලබා දීමේ දී විශ්වවිද්‍යාල සිසුන්ට හා ආචාර්යවරුන්ට ද ප්‍රමුඛතාව දෙන ලෙස විශ්වවිද්‍යාල පරිපාලන අංශ විසින් කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යාංශයට යෝජනා කර ඇත.

සියලුම විශ්වවිද්‍යාල ප්‍රජාව සිටින්නේ ලක්ෂයකට මඳක් වැඩි ප්‍රමාණයක් හෙයින් කොවිඩ් එන්නත ලබා දීමේ දී ඔවුන් ප්‍රමුඛ කොට සැලකීමේ ගැටලුවක් මතු නොවන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උපකුලපතිවරුන් පවසා සිටියි.

මාර්ගගත ක්‍රමයට විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු පවත්වාගෙන ගිය ද ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සිසුන් විශ්වවිද්‍යාලවලට කැඳවීම අනිවාර්ය වන බවත් සියලු සිසුන්ට එන්නත ලබා දීමට හැකි වන්නේ නම් කිසිදු චකිතයකින් තොරව අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට හැකි වන බවත් එම උපකුලපතිවරුන් ප්‍රකාශ කරයි.

විශ්වවිද්‍යාල සඳහා දිවයිනේ සියලුම ප්‍රදේශවලින් සිසුන් රැස් වන හෙයින් වයිරසය බෝවීම වැළැක්වීමේ ක්‍රියාමාර්ගයකින් තොරව ඔවුන් කැඳවිය නොහැකි වන බවත් එවැනි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් සියලු සිසුන් වෙනුවෙන් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට තවත් කාලයක් ගත වනු ඇති බවත් ඔවුහු ප්‍රකාශ කරයි.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...