29 C
Colombo
Friday, May 3, 2024

පිළිකා සෛල නසන පෝෂක ඖෂධය නිෂ්පාදනය කරන දේශීය සමාගමට ප්‍රශ්නයක්

- Advertisement -

කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය විසින් පර්යේෂණාත්මකව නිෂ්පාදනය කළ පිළිකා සෛල නාශක හැකියාවෙන් VERNOLAC ලෙස නම්කර ඇති මෙම ඖෂධය නිෂ්පාදන කටයුතු මේ වන විට සිදු කරනු ලබන්නේ Fadna සමාගමයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ චමේන්ද්‍ර සෝමතුංග මහතා පවසන්නේ මෙම ඖෂධයට මේ වන විට ශ්‍රී ලංකාව තුළ විශාල ඉල්ලුමක් ලැබී ඇති බවයි.

නව නිෂ්පාදන සිදු කිරීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලය සමඟ එක්ව මෙම ඖෂධය නිෂ්පාදනය කිරීමේ කටයුත්තට තම ආයතනය මැදිහත් වුවද මේ වන විට එම ඖෂධයට ඇති ඉල්ලුම හමුවේ තමන් ද දැඩි කම්පාවකට පත්ව සිටින බව සඳහන් කර තිබෙනවා.

එවැනි වටපිටාවක් තුළ මෙම පිළිකා නාශක පෝෂණ ඖෂධය අලෙවි කොට ලාබ ඉපයීම වෙනුවට ලැබෙන ශුද්ධ ලාභය පිළිකා රෝගීන්ගේ සුභසාධනය වෙනුවෙන් වැය කිරීම සඳහා අරමුදලක් පිහිටුවීමට තම ආයතනය තීරණය කර ඇති බවද ඔහු මෙම සාකච්ඡාවේදී පවසා තිබෙනවා.

විශ්ව විද්‍යාල මගින් විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් තහවුරු කරගත් ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත නිෂ්පාදිත නිෂ්පාදනය වෙනුවෙන් තම ආයතනය ප්‍රමුඛතාවය ලබා දෙන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...