28 C
Colombo
Sunday, October 1, 2023

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරුණු හිරුණිකාගෙන් ඉල්ලීමක්

- Advertisement -

දෙමටගොඩදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදුන් සිද්ධියේ, නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, කොළඹ මහාධිකරණය අද (10) දහවල් පොලීසියට නියෝග කළා.

කෙසේ වෙතත් සිය මාස එකහමාරක් වයසැති බිළිදියට කිරිදීම සදහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ රථයේ රැදී සිටිම හේතුවෙන් අධිකරණයට ඉදිරිපත්වීමට ප්‍රමාද වී ඇති බව ඇයගේ නීතීඥවරිය අධිකරණයට දැනුම්දීමෙන් පසුව අදාල වරෙන්තුව අවලංගු කිරීමට අමල් රණරාජා විනිසුරුවරයා කටයුතු කළා.

මෙම නඩුවට අදාලව මීට පෙර කිසිදු අවස්ථාවක අධිකරණය මඟහැර නොතිබීමේ කරුණද මෙහිදී විනිසුරුවරයා සැළකිල්ලට ගෙන තිබෙනවා.

මේ අතර අදාල සිදුවීම සම්බන්දයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මවක ලෙස අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අදාල සටහනින් ඇය පෙන්වා දී ඇත්තේ අධිකරණ කටයුත්තක් සදහා පැමිණෙන මවකට තම දරුවා තබාගැනීමට, දරුවාට කිරි දීමට හො දරුවාගේ කටයුතු සිදුකරගැනීමට සුදුසු ස්ථානයක් නොමැති බැවින් කාන්තාවන් දැඩිලෙස අපහසුතාවයට පත්වන බවයි.

එම නිසා අධිකරණය තුළ ඕනෑම කටයුත්තක් සඳහා සහභාගීවන කුඩා දරුවන් රැගෙන එන මව්වරුන් වෙනුවෙන් යම් ස්ථානයක් වෙන් කර දීමට කටයුතු කරන මෙන් ඇය අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...