28.2 C
Colombo
Saturday, April 27, 2024

වෙසක් උත්සව සංවිධානය කිරීමෙන් වළකින්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීමක්

- Advertisement -

රට තුළින් හඳුනාගන්නා කොවිඩ්-19 ආසාදිතයින් ඉහළ යෑමත් සමග වෙසක් සමයේ උත්සවවලට සහ දන්සැල් සංවිධාන කිරීම්වලට සීමා පනවන්නැයි සෞඛ්‍ය අංශවලින් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙන්නේ එළැඹෙන මාසය තුළ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් තදින්ම ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරණක් බවයි.

“එළැඹෙන මාසය තුළ ඉතාමත්ම තදින්ම නීතිය ක්‍රියාත්මක කරන්න කියන උපදෙස පොලිස්පතිතුමාට දෙන්නැයි අපි කියා සිටියා. සංචරණය යම්කිසි ආකාරයකට සීමා කරලා ඒකරාශී වන උත්සව ටික නවත්වන්න කටයුතු කිරීම වැදගත්. ඊයේ දිනයේදී වෙසක් සහ දන්සැල් කලාප සංවිධානය කිරීමෙන් වළකින්න කියලා ඉල්ලීමක් යෝජනා වුණා. වෙසක් කාලයේදී ජනතාව විශාල වශයෙන් ආගමික සිද්ධස්ථානවලට යනවා. ඒ වගේම දන්සැල් සඳහා සූදානමක් තිබෙන බව පේන්න තියෙනවා. ඒ සියලුම කටයුතු මේ මාසය තුළ තාවකාලිකව නවත්වන්න කියලා යෝජනා වුණා. ඒක ඉතාමත්ව වැදගත් වෙනවා.”

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...