32 C
Colombo
Friday, March 31, 2023

කන්නවත් නැති රටේ පිරිවෙන් අධ්‍යාපනයට වෙනම රාජ්‍ය ඇමති කෙනෙක්

- Advertisement -

රනිල් වික්‍රමසිංහ රජයේ පිරිවෙන් අධ්‍යාපන සදහා වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙකු පත්කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (08) පත්වීම ලබා ගත්තා.

මීට අමතරව මුදල් රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා නව මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස පත් කෙරුණා.

මේ අතර ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා පත්කර ඇති අතර ඒ මහතා 64 වන වියේ පසුවීම විශේෂත්වයක්.

එමෙන්ම ජන අරගලයෙන් පසුව ප්‍රථම වතාවට රාජපක්ෂවරයෙකු හට යළිත් අමාත්‍ය ධූරයක් ලබාදීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා හට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ධූරය ලබාදීමට අද දිනයේ වික්‍රමසිංහ මහතා කටයුතු කළා.

අද දිනයේ රාජ්‍ය අමාත්‍යවරුන් 37 ක් වැනි විශාල පිරිසක් දිවුරුම් දුන්නේ මෙරට රාජ්‍ය සේවය ශ්‍රී ලංකා ආර්ථිකට දැඩි බරක් ලෙසට ජනාධිපතිවරයා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය අවස්ථා කිහිපයකදීම විවේචනය කර තිබෙන පසුබිමකයි.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...