30 C
Colombo
Saturday, May 4, 2024

චීනය ගැන භයානක අනාවරණයක්

- Advertisement -

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක්ම ගිලාබසිමින් පවතින බව නවතම වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

මෙලෙස ගිලී යන නගර අතරට බීජිං, ටියන්ජින් වැනි ප්‍රධාන නගර අයත් බව සයන්ස් නම් සඟරාව පළකළ වාර්තාවල සඳහන් වනවා.

එරට සමස්ත ජනගහනයෙන් සියයට 29ක්ම එනම් මිලියන 270ක්ම වාසය කරන්නේ වාර්ෂිකව මිලිමීටර් 3 කට වඩා ගිලා බසමින් පවතින නාගරික කලාපවල බවට අනාවරණ වී තිබෙනවා.

තවද බීජිං අගනුවර උමං සහ මහා මාර්ග ආසන්න කලාප වාර්ෂිකව මිලි මීටර 45ක් ගිලා බසින බව ද එහි සඳහන්.

උස් ගොඩනැගිලිවල අධික බර සහ මාර්ග පද්ධති පුළුල්වීම වැනි කෘත්‍රීම හේතු සහ භූගත ජලය පරිහරණය වේගවත්වීම වැනි ස්වභාවික කරුණු ද ඊට බලපා තිබෙන බවයි සඳහන් වන්නේ.

නගර ගිලාබැසීමේ දත්ත ලොව තවත් රටවලින් වාර්තා වන අතර, අමෙරිකාවේ නිව්යෝර්ක් අගනුවර පවා ගිලා යමින් පවතින බවට වාර්තා වනවා.

එමෙන්ම නෙදර්ලන්තයේ ඉඩම්වලින් සියයට 25ක් මුහුදු මට්ටමට වඩා පහත බැස ඇති අතර, ලොව වේගයෙන්ම ගිලා බසින නගරය ලෙස සැලකෙන මෙක්සිකෝ සිටි අගනුවර වාර්ෂිකව අඟල් 20කින් පමණ ගිලා බසිමින් පවතින බවද සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...