29 C
Colombo
Sunday, May 5, 2024

රජයේ රෝහල්වල සිරින්ජර හිඟයක්

- Advertisement -

අනුමත කළ සිරින්ජර ටෙන්ඩරයකට අදාල සිරින්ජර තත්වයෙන් බාල වීම් හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය සැපයුම් අත්හිටුවීම නිසා රට පුරා රජයේ රෝහල්වල සිරින්ජර හිඟයක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

සෞඛ්‍ය සේවකයන් පවසන්නේ ඇතැම් සිරින්ජර තුළ ජල වාෂ්ප සහ විවිධ තෙල් වර්ගවලින් අපිරිසිදු වී තිබීම පිළිබඳව පැමිණිලි ලැබීම හේතුවෙන් සැපයුම් අත්හිටුවා ඇති බැවින් මිලිලීටර 10 සහ මිලිලීටර 20 සිරින්ජරද තොග වෛද්‍ය සැපයීම් අංශයේ නොමැති බවයිි.

මිලිලීටර 5 ප්‍රමාණයේ සිරින්ජර පමණක් කුඩා ප්‍රමාණයේ තොගයක් රෝහල් තුළ ඇති බවත් මිලිලීටර 20 සහ මිලිලීටර 10 සිරින්ජර අවශ්‍යතාවයන් සඳහා කුඩා සිරින්ජර වැඩි වශයෙන් භාවිතා කිරීම හේතුවෙන් එම සිරින්ජර තොගය ද ඉදිරි මාසයේදි අවසන් වන බවත් ඔවුන් පවසනවා.

බොහෝ ඖෂධ රෝගීන්ට දීම සඳහා සහ රුධිර පරීක්ෂණ ඇතුලු සේවාවන් රැසක් සඳහා මෙම සිරින්ජර අත්‍යවශ්‍ය බැවින්, ඖෂධ තිබියදී පවා ඒවා රෝගීන්ට දීමට නොහැකි තත්වයක් මතුවී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මහනුවර ජාතික රෝහලේ එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සඳහා 8000කට අධික පොරොත්තු ලේඛනයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසනවා.

එමෙන්ම කොළඹ ජාතික රෝහලේ ඇති එන්ජියෝග්‍රෑම් යන්ත්‍ර 3න් 1ක් අක්‍රීයව පවතින අතර තවත් යන්ත්‍රයක් අර්ධ ක්‍රියාකාරී තත්ත්වයේ පවතින බවයි ඔහු කියා සිටියා.

දිවයින පුරා රෝහල් 11ක් තුළ එන්ජියෝග්‍රෑම් යන්ත්‍ර 14ක් පවතින අතර ඉන් 3ක් කොළඹ ජාතික රෝහලේත්, 2ක් මහනුවර ජාතික රෝහලේත් පවතිනවා.

නමුත් යාපනය, පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, රාගම, කළුතර, කරාපිටිය, බොරැල්ල රිජ්වේ ආර්යා සහ පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක යන රෝහල් සතුව එන්ජියෝග්‍රෑම් යන්ත්‍ර 1 බැගින් පවතින බවයි සඳහන් වන්නේ.

ගාල්ල, මාතර, හම්බන්තොට, බදුල්ල, රත්නපුර, දිස්ත්‍රික්කවල කිසිදු රෝහලක එන්ජියෝග්‍රෑම් යන්ත්‍ර නොමැති අතර එම ප්‍රදේශවල රෝගීන්ද කොළඹ ජාතික රෝහල වෙත පැමිණෙන අතර කොළඹ ජාතික රෝහලේ එන්ජියෝග්‍රෑම් යන්ත්‍ර ද නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව චානක ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...