28 C
Colombo
Sunday, May 5, 2024

Channel 4 වීඩියෝ පටය ගැන විශේෂ කාරක සභාවක්

- Advertisement -

මෙරටදී සිදු කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව සකස් කර ඇති වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳව ඊයේ (04) රැස්වු කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වු බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

අවශ්‍ය නම් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට ද කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා වු බව අමාත්‍යවරයා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා,

“අපි රජයක් විදියට වගකීමෙන් කටයුතු කරනවා. ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ලැබුවා. ඒ සම්බන්ධයෙන් වන විශේෂ තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබද ඉදිරියේ දී දැනුවත් කිරීම් සිදු කරාවි.
ඊට අමතරව ජාත්‍යන්තර පරීක්ෂණක් කිරීමට රජයක් විදියට ඒ ඉල්ලීම කැබිනට් මණ්ඩලයේ දී ඉල්ලීම් කරනු ලැබුවා. පුද්ගලිකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට මේ කරුණ මතු කළා.
ජීනීවා මානව හිමිකම් කවුන්සිලය රැස්වන කාලයට, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස්වන කාලයට චැනල් 4 නාලිකාවෙන් ඔය වගේ දේවල් එළියට එනවා. මේ වීඩියෝවේ තියෙන කරුණු සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරන්න ඕන. මේ ගැන සොයා බැලීම ගැන අපේ කිසිදු ප්‍රශ්නයක් නෑ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පත් කිරීමට, සුරේෂ් සලේ ඔය කියන ආකාරයේ ප්‍රකාශයක් සිදු වුනා නම් ඒ සිද්ධියෙන් පසුව කාදිනල්තුමන් උදේම ගිහින් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දෙන්න කියන මතවාදය ගොඩ නගපු එකට, මේ අඬපු අය, මේ හැමෝම ඒ මැතිවරණ ව්‍යාපාරයේ කොටස්කරුවන් වෙන්න ඕන, ඔය කියන තර්කය අනුව” යි අමාත්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...