30.2 C
Colombo
Friday, April 26, 2024

බස්නාහිර පළාත් රෝහල්වල වර්ජනයක් (වීඩියෝ)

- Advertisement -

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද (26) උදෑසන 7 සිට බස්නාහිර පළාතේ සියලුම රෝහල්වල වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

එම බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, පරිපුරක හා අතුරු වෛද්‍ය සේවයේ සහ හෙද සේවයේ පවතින වැටුප් විෂමතා ගැටලු සඳහා විසදුම් ලබාදීමට කිසිදු පාර්ශවයක් මැදිහත් නොවීමට විරෝධය පළ කරමින් එම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදුකරන බවයි.

“අද උදේ 7.00ට පරිපූරක වෛද්‍ය සේවාව, අතුරු වෛද්‍ය සේවාව සහ හෙද සේවාව සම්බන්ධ වුණ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය විදිහට වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරනවා. මේ වර්ජන ක්‍රියාමාර්ගය බස්නාහිර පළාතේ සියලු රෝහල්වල පවත්වන්නට තමයි අපි තීරණය කරලා තියෙන්නේ. විශේෂයෙන් අපි මේ වෙන කොට පරිපූරක වෛද්‍ය සේවාවේ, හෙද සේවාවේ සහ අතුරු වෛද්‍ය සේවාවට ඇතිවෙලා තියෙන වැටුප් විෂමතාවය, ඒ වගේම පරිපාලන වශයෙන් එම සේවාවන්ට තියෙන ගැටලු සහගත තත්ත්වයන් පිළිබඳව අදාළ විසඳුම් ලබානොදීම කියන කාරණය මූලික කරගනිමින් වර්ජන ක්‍රියාමාර්ග 8ක් පළාත් මට්ටමින් සිද්ධ කළා. මේ සංකේතාත්මක ක්‍රියාමාර්ගවල අපේ අපේක්ෂාව වන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය රජය මේ සම්බන්ධයෙන් මැදිහත්වෙලා මේකට අදාළ සාධාරණ විසඳුම් ලබාදුනු ඇතැයි. අපිට පේන විදිහට මේ වර්ජනයට අදාළ මූලික කාරණා සාකච්ඡා කිරීමට තරම් හෝ ඒවා සඳහා විසඳුම් ලබාදීමට සමර්ථභාවයක් පෙන්නවන කිසිදු පාර්ශවක් නැති බවයි.”

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළා. එම රැස්වීම අවසන් වූ...

උලපනේ සුමංගල හිමිට ඇප

අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්‍ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කළ සිටි පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත...

සජබෙට ගිය මන්ත්‍රීලා ගැන පොහොට්ටුව තීරණයක් ගනී

සමගි ජන බලවේගය සමඟ ගිවිසුම්ගත වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...