හුංගම – කහඳමෝදර ප්‍රදේශයේ දී පසුගිය 06 වනදා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ (08) උදෑසන හුංගම කට්ටකඩුව වැව අසලදී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි රන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුව වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය සොයාගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.