28.9 C
Colombo
Friday, April 26, 2024

නිදහස් උත්සවයට එන මාධ්‍යවේදීන්ට ආණ්ඩුවෙන් ටයි පටියක්

- Advertisement -

75 වන නිදහස් උත්සවය වෙනුවෙන් හෙට (04) දිනයේ ගාලු මුවදොර පැවැත්වෙන උත්සවය සඳහා පැමිණෙන මාධ්‍යවේදීන් හට නිශ්චිත ඇදුමක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නියම කර තිබෙනවා.

ඒ අනුව නිදහස් උත්සවය ආවරණය කිරීම සඳහා පැමිණෙන සියලුම මාධ්‍යවේදීන් අත් දිග සුදු පැහැති කමිසයක් හැඳ පැමිණිය යුතු වනවා.

එම කමිසය සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ටයි පටියක් ලබාදෙන අතර එය පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.

වියදම් අවම කරමින් නිදහස් උත්සවය පවත්වන බවට ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම පවසා තිබුනද මෙවැනි අනවශ්‍ය වියදම් කරමින් විහිළු සපයන බව News19 සිදුකළ විමසීමකදී මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම පවසා සිටියා.

එමෙන්ම අදාළ තීරණය නිසාවෙන් නිදහස් උත්සවය ආවරණය කිරීමට පැමිණෙන විදෙස් මාධ්‍යවේදීන්ද දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

මන්ද ඔවුන්ගේ වෘත්තීය මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියට අනුව ආණ්ඩුව විසින් ලබාදෙන කිසිදු දීමනාවක් හෝ වරප්‍රසාදයක් ලබාගැනීමට ඔවුන්ට අදාළ මාධ්‍ය ආයතනවලින් අවස්ථාව හිමිවන්නේ නැහැ.

මෙම ටයි තීරණය නිසාවෙන් මාධ්‍යවේදීන් රැසක් අපහසුතාවයට පත්ව ඇති අතර බොහෝ දෙනා එම තීරණයට විරෝධයද පලකර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...