28.9 C
Colombo
Friday, April 26, 2024

පරාක්‍රම සමුද්‍රයේ ආරක්ෂිත ගල්බැම්ම ඉවත්කර ඇවිදින මංතීරුවක් ඉදිකෙරේ

- Advertisement -

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන රළපනාවේ කලුගල් ආදිය ඉවත් කර ඇවිදින මංතීරුවක් ඉදිකිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා.

පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති හා පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ප්‍රකාශ කරන්නේ පරාක්‍රම සමුද්‍රයේ ප්‍රධාන සොරොව්වේ සිට දෙකේ ඇල සොරාව්ව පසුකර දිසාපති නිල නිවස පිහිටා තිබෙන ස්ථානයට ආසන්නය තෙක් මෙම ඇවිදින මං තීරුව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ගොවි ජනතාව විරෝධය පලකර ඇතත් එය නොතකා අදාළ ඉදිකිරීම සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.‍

අදාළ චෝදනාව සම්බන්ධයෙන් විමසීමේදී පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා පැවසුවේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට අනුව එම ආයතනයේ රුපියල් මිලියන 34ක වියදමින් මෙම ඇවිදින මංතීරුව ඉදිකරන බවයි.

කිලෝමීටර 1.7 කින් යුත් මෙම ඇවිදින මංතීරුව මෙම දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර ඉදිකර ජනතා අයිතියට පත්කරන බව ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...