28.9 C
Colombo
Friday, April 26, 2024

අද රට කරවන්නේ අනුරාධපුරේ කාන්තාවක්..!

- Advertisement -

‍රට පාලනය කරනු ලබන්නේ අනුරාධපුරයේ සිටින කාන්තාවක් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

ඒ, අද (13) මීරිගම මැතිවරණ බල ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ කාන්තා බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.

කාලි මෑණියන්ගේ වරමින් රටේ අනාගතය තීරණය කිරීමට ඉඩ දීම සුදුසු නොවන බවයි එහිදී ඇය පවසා සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය,

“ජනාධිපතිවරණයේදී ගෝඨාභය දිනුවොත් රටට මෙහෙම වෙන බව අපි පැහැදිලිවම කිව්වා. සමහර මාධ්‍ය එකට එකතු වෙලා මේ රට විනාශ කළා. අපිට සජිත් බලයට ගෙනත් හොඳ රටක් හදන්න ඕන වුණා වගේම හැට නම ලක්ෂයට ඕන වුණෙත් හොඳ රටක් හදන්නයි. එහෙම වුණත් සමහර මාධ්‍ය වැඩ බැරි ටාසන් කෙනෙක් වීරයෙක් කළා.

අද වෙද්දී රටේ දුප්පත් මිනිහා පමණක් නොවෙයි යමක් කමක් කර ගත හැකි පුද්ගලයාත් අසරණ කරන්න සමත් වෙලා ඉවරයි.අපි බැන බැන ඉන්නවා. අපි කවද වෙනකන් බැන බැන ඉන්නද? පැය දෙක තුනෙන් පටන් අරන් පැය හත අට දැන් විදුලිය කපනවා. ඉදිරියේදී පැය විසිහතරමත් කපයි.

අද පවතින මේ රාජපක්ෂ වියරුව ඉවර කරන්නට අපි එකාවන්ව එළියට බහිමු. රාජපක්ෂලා කියන්නේ මහ කෙරුමෝ නොවෙයි. අපි නැගිටින කොට ඔවුන් දුවන එක දුවනවාමයි. ජනතාව මේ තරම් පාරට දාපු ආණ්ඩුවක් ඉතිහාසයේ තිබුණෙත් නෑ අනාගතයේ ඇති වෙන්නෙත් නෑමයි.

රාජපක්ෂලා හිතන්නේ ඒ අයගේ දරුපවුල් කාලා බීලාහිටියොත් ඇති කියලා විතරයි. අද රටේ තියෙන තත්ත්වය පුරුෂයන්ටත් වඩා වැඩි පුරම තේරෙන්නෙ කාන්තා අපිටයි. ඒ නිසා කාන්තාවෝ අපි එකට එකතු වෙලා එළියට බහින්න ඕනෑ. ඒ අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා.

රාජපක්ෂලා මේ රට සලකන්නේ ඔවුන්ගේ කොම්පැනියක් විදිහටයි. ලාභය එකතු කරගෙන ඔවුන්ගේ රටවලට යන්න සූදානම්ව ඉන්නවා. ඔවුනට මේ රට කොම්පැනියක් වුණාට මේක අපේ රට. අපි මේ රටේ ජීවත් වෙන්න ඕනේ, මැරෙන්න ඕන.

අද රට කරවන්නේ අනුරාධපුරේ ඉන්න කාන්තාවක්. අපේ ප්‍රශ්න කියන්න ජනාධිපති හොයාගෙන ගියාම එතුමා එතුමගේ ප්‍රශ්න කියන්න ඒ කාන්තාව හොයාගෙන ගිහින් තිබුණා. කාලි මෑණියන්ගේ වරමින් රටේ අනාගතය තීරණය කරන්න කාන්තාවකට ඉඩ දීම හරිද.

අද ඇමතිකම් දෙන්නෙත් රටේ වැඩ කෙරෙන්නෙත් ඒ කාන්තාවට ඕන විදිහටයි.”

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...