දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට දැරණියගල දෙල්ඔළුව ප්‍රදේශයේ දී කාන්තාවක විසින් දැලිපිහි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාරයෙන් සභාපතිවරයාගේ නාසයට සිදුවූ තුවාල නිසා ඔහුව රෝහල් ගත කලද මේ වන විට සභාපතිවරයා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සභාපතිවරයා කිසියම් අවශ්‍යතාවකට දැරණියගල – දෙල්ඔළුව ප්‍රදේශයට ගොස් ආපසු එමින් සිටියදී වෙළෙඳසලක් අසළ සිය රථය නවත්වා තිබෙනවා.
එම අවස්ථාවේදී ආවේගශීලී ලෙස දැළිපිහියක් රැගෙන කඩාවැදුණු කාන්තාවක් විසින් සභාපතිවරයාට පහරදීමට උත්සහ කිරීමේදී එම ප්‍රහාරය සභාපතිවරයා වැළැක්වූ විට ඔහුගේ නාසය කැපී ගොස් ඇති බවයි පැවසෙන්නේ.