30.3 C
Colombo
Friday, April 26, 2024

වයස 18ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත්

- Advertisement -

වයස අවුරුදු 18 ට වැඩි 30ට අඩු පිරිස් සඳහා කොවිඩ් වෛරසයට එරෙහි එන්නත්කරණ‍ය අද (02) සිට දිස්ත්‍රික් මට්ටමින් ඇරඹූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (02) පැවති සාකච්ඡාවකදීයි.

මෙරට තුල වයස18-30 අතර ලක්ෂ 37 කට අධික පිරිසක් සිටින බවත් මේ පිරිසට කඩිනමින් එන්නත ලබාදී අවසන් කරන ලෙසට සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා.

කොවිඩ් මර්දන ක්‍රියාවලියේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් යටතට ගැනෙන මෙම වයස් කාණ්ඩයට අයත් පිරිස් සඳහා දැනටමත් එන්නත්කරණය සිදුකොට ඇති බවත් මීට අමතරව අත්‍යවශ්‍ය අංශයන්හි එම වයස් කාණ්ඩයේ යම් පිරිසක්ද එන්නත්කරණයට ලක් කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පැවති සාකච්ඡාව සඳහා එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු එහි සාමාජික සාමාජිකාවන් පිරිසක් මේ සඳහා එක් වූ අතර කරුණු 18 කින් සමන්විත ලිපියක්ද රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මගින් අමාත්‍යවරයා වෙත මෙහිදී භාර දෙනු ලැබීය.

එළැඹෙන සති කිහිපය තුලදී වයස අවුරුදු 30 ඉක්මවූ සියලු පිරිස් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකිවනු ඇති බවත් ඔක්තෝබර් මස අවසානයට පෙර අවුරුදු 18 ඉක්මවූවන් එන්නත්කරණය අවසන් කිරීමට හැකි වනු ඇති බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

එබැවින්, ලැබෙන එන්නත හොඳම එන්නත යයි සිතා කඩිනමින් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැතිවරයා සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...