33 C
Colombo
Thursday, May 2, 2024

කෘෂිකර්ම ඇමති සම්පූර්ණයෙන්ම ෆේල්..! – රාජ්‍ය අමාත්‍ය සුසිල්

- Advertisement -

වෙළෙඳපොලෙහි භාණ්ඩ මිල වැඩිවීමට වෙළෙඳ ඇමැති, කෘෂිකර්මඇමැති, ආහාර ඇමැති වගකිවයුතු බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සම්පූර්ණයෙන්ම “ෆේල්” බවයි.

මේ වන විට රටෙහි පවතින ආහාර අර්බුදය සඳහා ඊට අදාල විෂයභාර ඇමැතිවරුන් සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත් පුද්ගලයන් වගකිව යුතු බවත් රටම අමාරුවෙ වැටුණේ කරන්න බැරි දේවල් කිරීමට යෑම නිසා බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරනවා.

වගා කරන ගොවීන් හට පොහොර ලබාදීම නැතිකළ පසු භාණ්ඩ මිල ඉහළ යෑම අරුමයක් නොවන බව රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

තමන් ආණ්ඩුවේ සිටියත් ප්‍රතිපත්ති තීන්දු ගන්න ස්ථානවල නොමැති බවත්, තමන්ව බංකුවක තබා ඇති බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරනවා.

රටේ ඩොලර් නැතිනම් ඒවාට වගකිව යුතු වන්නේද ඩොලර් නැති කළ අය බැවින් මෙම සියලුම ප්‍රශ්නවලට විසඳුම් දිය හැකි වෙනත් කණ්ඩායමක් පත් කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

වැඩි කළ වතු කම්කරුවන්ගෙ වැටුපට කණ කොකා හඩන ලකුණු

වතු කම්කරුවෙකුගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යංශය මගින් පසුගිය 30 වැනිදා දින නිකුත් කර ඇති අංක 2382/04 අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කර...

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම් දීමක්

ලබන 6 වනදා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින විභාග අපේක්ෂයන් සඳහා පමණක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව අනිද්දා (04)  විවෘතව තැබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. එම...

මැණික්හින්න රෝහලේ වෛද්‍යවරයාට ඇප

මැණික්හින්න රෝහලේ පසුගිය 28 වනදා ඇති වූ ගැටුමෙන් අනතුරුව පොලීසිය විසින් අත්ඩංගුවට ගනු ලැබූ වෛද්‍යවරයා මත මුදා හැර තිබෙනවා. මැණික්හින්න රෝහලට හදිසි රෝගී තත්ත්වකයට ප්‍රතිකාර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...