33 C
Colombo
Monday, April 29, 2024

මෙක්සිකෝවෙන් එළියට ආ පිටසක්වල ජීවීන්

- Advertisement -

පේරු රාජ්‍යයෙන් 2017 වසරේදී සොයාගත් පිටසක්වල ජීවීන්ගේ සිරුරු දෙකක් මෙක්සිකෝවේදී පළමුවරට මාධ්‍ය හමුවේ නිරාවරණය කර තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ මෙම සිරුරුවල DNA සාම්පල සාමාන්‍ය මිනිසුන්ගේ DNA සාම්පල සමග නොගැළපෙන බව විද්‍යාත්මකව තහවුරු වීමයි.

මෙම සිරුරු වසර 700ත් 1800ත් අතර පැරණි බවට හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ දෑත්වල ඇඟිලි 03ක් පමණක් පිහිටා ඇති බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකියි.

මෙය සත්‍ය වශයෙන් පිටසක්වල ජීවියෙකුගේ දැයි තහවුරු කිරීම සඳහා DNA පරීක්ෂාවක්ද විද්‍යාඥයින් සිදුකර තිබෙන අතර එහිදී මෙම සිරුරුවල DNA සාම්පල සාමාන්‍ය මිනිසුන්ගේ DNA සාම්පල සමග නොගැළපෙන බව තහවුරු වී තිබෙනවා.

ඇතැම් මාධ්‍ය මෙම අවස්ථාව අර්ථදක්වා ඇත්තේ “ලොව ප්‍රථමවරට පිටසක්වල ජීවින් ප්‍රදර්ශනය කෙරේ” යනුවෙනි.

එසේම මෙම සිරුරු පතල්වලින් සොයාගෙන ඇති බවත් පවසනවා.

හඳුනා නොගත් පියාසර වස්තූන් සහ පිටසක්වල ජීවින් පිළිබඳව මෑත ඉතිහාසයේ ගවේෂණ ආරම්භ වන්නේ 1900 දශකයේ සිටයි.

තාක්ෂණයේ දියුණුවත් සමග 2000 වසරින් පසු ඒ පිළිබඳව කෙරෙන ගවේෂණ වඩාත් රහසිගත මුහුණුවරක් ගත් අතර එහිදී ඇතැම් බලවත් රාජ්‍යයන් ඒ පිළිබඳව කරන ගවේෂණ සඟවන බවටද චෝදනා එල්ල වුණ අතර එවැනි ජීවින් හා පියාසර වස්තූන් පිළිබද සාක්ෂි ප්‍රසිද්ධ කිරීම 2022 වසරේ සිට අත්හිටුවීමට අමෙරිකානු රජය පියවර ගෙන තිබූ බව පසුගියදා විදෙස් මාධ්‍ය අනාවරණ කළා.

මෙය පිටසක්වල ජීවීන් පිළිබඳ ගවේෂණයේ නවතම හැරවුම් ලක්ෂය වනු ඇති බවට සඳහන්.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...