32 C
Colombo
Saturday, May 4, 2024

ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් 6 දෙනෙක්ම රට ගිහින්

- Advertisement -

මෙරට සිටින ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් 11 දෙනාගෙන් 6 දෙනෙක්ම මේ වන විට විදේශගත වී ඇති බවට වාර්තා වෙනවා.

මෙරට සිටිය යුතු ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සම්මත සංඛ්‍යාව 20ක්.

එහෙත් සේවයේ යෙදී තිබුණේ 11 දෙනෙක් බවත් එයින්ද 6 දෙනෙක් විදේශගතව ඇති නිසා ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය සේවය අර්බුදයට ගොස් ඇති බව පැවසෙනවා.

ඒ අනුව නියමිත වෛද්‍යවරුන්ගෙන් හතරෙන් එකක් පමණක් දැනට රට සතුව සිටින බව හෙළි වනවා.

දැනට, ළමුන් සඳහා වන රිජ්වේ ආර්යා රෝහල (LRH), සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහල, යාපනය ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල යන රෝහල්වල මෙම වෛද්‍යවරුවන් සේවය කරන බවයි සඳහන් වන්නේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කළ ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුද මේ වන විට විදේශගත වී තිබෙනවා.

මේ වෛද්‍ය හිඟය නිසා රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සඳහා එවන දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සඳහන්.

RECENT ARTICLES - SINHALA

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

එරාවූර්හි පාලු නිවසක තරුණයෙකුගේ මළ සිරුරක්

එරාවූර්, චෙංකලඩි ප්‍රදේශයේ පාලු නිවසක් පිටුපස තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුව තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි ව සිටි 31...

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...