32 C
Colombo
Monday, April 29, 2024

කෘෂි පර්යේෂණ නිලධාරිනියක් ඝාතනය කරයි

- Advertisement -

අද (27) උදෑසන තංගල්ල පොලිස් වසමේ වැලිආර. නෙටොල්පිටිය ප්‍රදේශයේ දී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි ආර්.එම්. දීපිකා නැමති එම ප්‍රදේශයේ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියක් වශයෙන් සේවය කළ විවාහක කාන්තාවක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළා.

ඇය පදිංචි ප්‍රදේශයේම සේවය කරන අතර අද නිවසේ සිට ක්ෂේත්‍ර රාජකාරි සඳහා යමින් සිටිය දී පෙර දින සිදුවු රාජකාරි ගැටලුවක් හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

පොහොර ඉල්ලා ඇති වූ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් 41 හැවිරිදි ජයවර්ධන පතිරණගේ සරත් නොහොත් ‘ඩැනී බේබි’ නමින් හඳුන්වන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණ තංගල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය තංගල්ල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...