අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ඉදිරි සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙන බවට වාර්තා වෙනවා.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අමෙරිකාවේ සයිබර් අවකාශ සහ ඩිජිටල් ප්‍රතිපත්ති තානාපතිවරයා වන නතානියල් සී ෆික් මහතා එළඹෙන 20 වන දින මෙරට සංචාරය කිරීමට නියමිත බවයි
ඉන්දියාවේ බැංග්ලෝර්හි පැවැත්වෙන ජි-20 ඩිජිටල් ආර්ථික අමාත්‍ය රැස්වීමේ අමෙරිකානු ප්‍රධානියා ලෙස ඔහු අද (17) දිනයේ සිට ලබන 20 වන දින දක්වා ඉන්දියාවේ ද සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
ෆික් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී රජයේ සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමග සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් තොරතුරු හුවමාරු කරගැනීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
අගෝස්තු 23 වන දින දක්වා මෙරට රැඳී සිටින ඔහු තොරතුරු සහ සන්නිවේදන ආරක්ෂණය, සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් නිදහස පිළිබඳ දේශන කිහිපයක් ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.