යාපනයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් වාහන දෙකකට අද (15) අලුයම ගිනි තබා විනාශ කර ඇති බව යාපනය පොලිසිය පවසනවා.
යාපනය පොලිසිය පවසන්නේ, අදාළ දෙපිරිස අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් මෙලෙස වාහනවලට ගිනි තබා ඇති බවයි.
ගැටුමට සම්බන්ධ පිරිස් කුඩා ලොරි රථයකට හා ත්‍රිරෝද රථයකට ගිනි තබා ඇති අතර සිද්ධියෙන් කිසිවෙකුත් තුවාල ලබා නොමැති බව පොලීසිය සඳහන් කළා.
කෙසේවෙතත් මෙම ගිනි තැබීම හේතුවෙන් අදාළ වාහන දෙකට දැඩි හානි සිදුව අති බව පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.