32 C
Colombo
Friday, May 10, 2024

ජ්‍යෙෂ්ඨ නීතිඥවරු පිරිසකගෙන් ආධුනික නීතිඥයෙකුට ප්‍රහාරයක්

- Advertisement -

අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන ආධුනික නීතිඥවරයෙකු අධිකරණයේ සිට කලගෙඩිහේන ප්‍රදේශයට කැඳවාගෙන ගොස් නීතිඥවරයකු නීතිඥවරියන් ඇතුළු පස්දෙනකු විසින් දෙනෝ දහක් බලා සිටියදී  පහර දීමේ සිද්ධියක් පිළිබඳව පැමිණිල්ලක් අද (25 ) පස්වරුවේ ලැබී ඇතැයි නිට්ටඹුව පොලිසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ නිට්ටඹුව  ප්‍රදේශයේ පදිංචි තරුණ නීතිඥවරයෙක් බවයි.

පැමිණිලිකාර නීතිඥවරයා කලක සිට ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක් යටතේ සේවය කර ඇතැයි ද ඔවුන් දෙදෙනා පසුව වෙන්ව රාජකාරී කරමින් සිටිය දී  දින කිහිපයකට පෙර ඔවුන් දෙදෙනා අතර පෞද්ගලික අරාවුලක් මත බහින්බස් වීමක් සිදුවී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

එමෙන්ම එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ එදින ම දහවල් නීතිඥවරියන් දෙදෙනෙකු හා එක් නීතිඥ වරියකගේ සැමියා අදාළ කනිෂ්ඨ නීතිඥවරයාගේ නිවසට ගොස් ඔහුගේ පියාටද තර්ජනය කර ඇති බවයි.

එදිනම සවස කනිෂ්ඨ නීතිඥවරයා අධිකරණයේ රාජකාරී කරමින් සිටියදී වෙනත් අධිකරණයක සේවය කරන නීතිඥයෙකු පැමිණ  ඔහුගේ කාර් රථයෙන් කැඳවාගෙන ගොස් ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිසිය පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

බිරිද ඝාතනය කළ සැමියා වසර 12කට පසු අත්අඩංගුවට

තම බිරිදට මන්නයකින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට මරණ දඬුවම නියම වී වසර 12 ක කාලයක් පොලීසිය හා අධිකරණය මග හරිමින් සිටි පුද්ගලයෙකු මාතර...

අහුංගල්ලේ වෙඩි තැබීමට පැමිණි යතුරු පැදිය සොයා ගනී

අහුංගල්ල,  බෝගහපිටිය, ලෝකන්වත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සඳහා ඝාතකයන් පැමිණී බවට සැක කෙරෙන යතුරු පැදිය සොයා ගෙන ඇති බවට පුවතක්  ‘ලංකාදීප’ වාර්තා කරනවා. කොස්ගොඩ...

VFS Global වෙතින් දැවැන්ත දත්ත මුදාහැරීමක්.ජනප්‍රිය යූ ටියුබ් ක්‍රියාකාරිකයෙක් ගෙන් හෙළිදරව්වක්

ආන්දෝලනයට තුඩු දුන් කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ ගෝලීය වීසා සැකසුම් සේවාව වන VFS Global වෙතින් සිදු වූ දැවැන්ත දත්ත...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...