28 C
Colombo
Monday, May 20, 2024

VFS Global වෙතින් දැවැන්ත දත්ත මුදාහැරීමක්.ජනප්‍රිය යූ ටියුබ් ක්‍රියාකාරිකයෙක් ගෙන් හෙළිදරව්වක්

- Advertisement -

ආන්දෝලනයට තුඩු දුන් කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ ගෝලීය වීසා සැකසුම් සේවාව වන VFS Global වෙතින් සිදු වූ දැවැන්ත දත්ත මුදාහැරීමක් පිළිබඳ ‘TrekTrendy’ ලෙස හඳුන්වන ජනප්‍රිය යූ ටියුබ් ක්‍රියාකාරිකයකු වන විල් ඩේවිස් විසින් පෙන්වා දී තිබෙනවා.

යූ ටියුබ් හි මිලියනයකට ආසන්න ග්‍රාහකයන් සංඛ්‍යාවක් සිටින සුඛෝපභෝගී සංචාරක සමාලෝචකයකු වන විල් ඩේවිස්, ඔහුගේ වීසා බලපත්‍රය බොහෝ කලකට පෙර අනුමත කර තිබියදීත්, ඔහුට වීඑෆ්එස් ග්ලෝබල් වෙතින් අනෙකුත් අයදුම්කරුවන්ගේ විස්තර අඛණ්ඩව ලැබෙන බව සමාජ මාධ්‍යඔස්සේ හෙළිකර තිබුණා.

තමාගේ වීසා බලපත්‍රය බොහෝ කලකට පෙර නුමත කර තිබියදී සෑම දිනකම වෙනත් සංචාරක වීසා පිළිබඳ සම්පූර්ණ නම්, ලිපිනය සහ විදේශ ගමන් බලපත්‍ර තොරතුරු විද්‍යුත් තැපෑලෙන් තමන්ට ලැබෙන බව ඔහු පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව එය කෙතරම් දැවැන්ත දත්ත උල්ලංඝනයක්ද යන්න ඔහු ප්‍රශ්න කර සිටිනවා.

එහිදී ඔහු ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,

“ඔබට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා වීසා ගැටලුව මතක ඇති. හොඳයි, මගේ එක බොහෝ කලකට පෙර අනුමත කර ඇති එකක් ඒත්, සෑම දිනකම මට වෙනත් අයගේ සංචාරක වීසා සම්පූර්ණ නම්, ලිපිනය සහ විදේශ ගමන් බලපත්‍ර තොරතුරු සමඟ මට විද්‍යුත් තැපැල් පණිවිඩ ලැබේ. මෙය හොඳ දෙයක් වන්නේ කෙසේද? මම මේවා නැවැත්වීමට උත්සාහ කරන්නෙමි. නමුත් එය මොනතරම් විශාල දත්ත උල්ලංඝනයක්ද? ”

VFS Global එහි වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක් වූ අතර, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ වීසා සැකසීම භාරගත් ඉන්දීය සමාගම ප්‍රමාදයන් සිදු කරන බවට සහ අමතර සැකසුම් ගාස්තු අය කරන බවට චෝදනා එල්ල වුණා.

එම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කටුනායක ගුවන් තොටුපළේ වීසා නිකුත් කිරීම ඉන්දීය සමාගම් භාර ගන්නා බවට පළ වූ වාර්තා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ,ඊට ඉන්දියාවේ සම්බන්ධයක් නොමැති බවයි.

මේ අතර, වීසා ක්‍රියාවලිය පිළිබඳ විෂය පථය අයත් වන මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා ද මේ සතියේ පාර්ලිමේන්තුවේදී පිළිගත්තේ ගෝලීය වීසා සැකසුම් සේවාව වන VFS Global වෙත එම ක්‍රියාවලිය ලබා දීමට තීරණය කළේ කැබිනට් අනුමැතියෙන් පසුව බවත් එය පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක නොකළ බවයි.

බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව ඇති මතභේදාත්මක VFS Global වීසා නිකුත් කිරීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයක් සඳහා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් සහ ආගමන හා විගමන පාලක ජනරාල්වරයාට අද (10) කැඳවීමක් කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

සජිත් – අනුර විවාදය පැවැත්වෙන දිනය මෙන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර පැවැත්වෙන විවාදය සඳහා දින නියම වී තිබෙනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක්...

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සැකකාරියක් ලෙස නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

POPULAR ARTICLES

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ කටයුතු ඇමති මරුට (වීඩියෝ)

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා...