පාකිස්තානයේ අද (20) අලුයම රික්ටර් මාපාංක 5.5ක භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉස්ලාමාබාද්, ලාහෝර් සහ ඒ අවට ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බවයි.
පසුගිය මාසයේ පාකිස්තානයට රික්ටර් මාපාංක 4.7ක භූකම්පනයක් සිදුවූ බව එරට භූකම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය වාර්තා සඳහන් කරනවා.
ජනවාරි මාසයේදී ද රික්ටර් මාපාංක 4.3ක සහ රික්ටර් මාපාංක 6.0ක භූකම්පනයන් පාකිස්තානයේ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.