29 C
Colombo
Sunday, May 5, 2024

පුතුන්ගේ වැඩ නිසා මහතීර් මොහොමඩ්ට එරෙහිව පරීක්ෂණයක්

- Advertisement -

මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන බව එරට දුෂණ විරෝධී කොමිසම පවසනවා.

ඔහුගේ පුත්‍රයින් වන මිර්සාන් සහ මොක්සානිට එරෙහිව දුෂණ චෝදනා එල්ලවී ඇති අතර ඒ හේතුවෙන් හිටපු අගමැතිවරයා සම්බන්ධයෙන් ද පරීක්ෂණය පවත්වන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මැලේසියාවේ දුෂණ සහ වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ප්‍රමුඛ දේශපාලකයින් ට එරෙහිව දැඩි පියවරගැනීමට එරට වත්මන් බලධාරීන් කටයුතු කරනවා.

විශේෂයෙන්ම 98 හැවිරිදි හිටපු අගමැති මහතීර් මොහොමඩ්ගේ සමීපතමයින් සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ මෙලෙස දැඩිකර තිබෙනවා.

ඔහු වර්තමාන අගමැති ඉබ්‍රහිම් අන්වර් ගේ ප්‍රධානතම දේශපාලන ප්‍රතිවාදියා වෙනවා.

කෙසේවෙතත්, මෙම පරීක්ෂණ දේශපාලන විරුද්ධවාදීන්ව ඉලක්ක කර සිදු නොකරන අතර එය රජය මගින් ගෙනයන මහා පරිමාණ දුෂණ වැළැක්වීමේ උත්සාහයක් බව ඉබ්‍රහිම් අන්වර් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...