26 C
Colombo
Friday, May 10, 2024

චීනය සමඟ එක්ව හම්බන්තොට වරාය අසළ තෙල් ගබඩාවක්

- Advertisement -

චීනයේ හවුල්කාරීත්වය යටතේ පවතින හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය හරහා ඉන්ධන ආනයනය කර එය ආසන්න ස්ථානයක ගබඩා කර තැබීමට ශ්‍රී ලංකා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගිවිසුමක් අත්සන් කර තිබේ.

ඒ සඳහා අවශ්‍ය නළ මාර්ගය ඉදිකිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වරාය තුළ අවශ්‍ය ඉඩම් ප්‍රමාණය ලබා ගැනීම සඳහා හම්බන්තොට ජ්‍යාත්‍යන්තර වරාය සමූහය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක් වී කටයුතු කිරීමට නියමිතය.

දකුණු ආසියාවේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සංවර්ධනය කිරීමේ දැක්ම අනුව යමින් මෙම වැඩපිවෙළ ක්‍රියාත්මක කරන බව හම්බන්තොට ජ්‍යාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා සඳහන් කර තිබේ.

හම්බන්තොට ජ්‍යාත්‍යන්තර වරාය සමූහය විසින් එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා යටිතල පහසුකම් සකස් කර ඇති අතර මෙම ක්‍රියාවලියේ සාර්ථකත්වය සඳහා සියලුම අංශවල සහයෝගය අවශ්‍ය බව ද හම්බන්තොට ජ්‍යාත්‍යන්තර වරාය සමුහය පවසා ඇත.

මෙම ක්‍රියාවලිය මඟින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩා කිරීමේ හැකියාව අපේක්ෂිත ධාරිතාවය ඉහළ දමනු ඇතැයි සඳහන් වේ.

RECENT ARTICLES - SINHALA

මුජිබර් දිවුරුම් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබර් රහුමාන් මහතා අද (10) දිනයේ දිවුරුම් දුන්නා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදීයි. ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීම...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

කැලෑබද ප්‍රදේශයක තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

අතුරුදන්වී සිටි කාන්තාවකගේ මළසිරුරක් කැලෑබද ප්‍රදේශයක තිබී හමුවී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ 65 හැවිරිදි කාන්තාවකගේ සිරුරක් එලෙස හමුවී ඇති අතර ඇය බෙරවිල පටිතලාව ප්‍රදේශයේ පදිංචිකාරියක්...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...