25 C
Colombo
Monday, April 29, 2024

තවත් බංග්ලාදේශ ප්‍රබලයෙකුට හෙට තරඟය අහිමි වෙයි

- Advertisement -

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය තවත් ප්‍රබල ක්‍රීඩකයෙකුට අහිමිව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස ආබාධ තත්ත්වයක් හේතුවෙන් අවසන් තරගය අහිමිව ගොස් ඇත්තේ බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටන්සිම් හසන්ටයි.

අද (17) පැවති පුහුණු සැසියකදී ඔහු පාදයේ ආබාධයකට ලක්වී ඇති බව එරට ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව හෙට පැවැත්වෙන තරඟය ක්‍රීඩා කිරිම සදහා ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතා මට්ටමක නොමැති බවට වෛද්‍යවරුන් සදහන් කර තිබෙනවා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රි ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක හටද හෙට (18) පැවැත්වෙන තුන්වන එක්දින තරගය අහිමි වන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය අද පෙරවරුවේ නිවේදනය කළා.

තරග තුනකින් සමන්විත ශ්‍රි ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලිය මේ වනවිට තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පවතින අතර තීරණාත්මක අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...