කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙකු අද (18) මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ මෙසේ මියගොස් ඇත්තේ පානදුර, මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයකු බවයි.
මියගොස් ඇති සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 14 දා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරනවා.
මියගොස් ඇති රැඳවියා පසුගිය 09 දා හෙරෝයින් මත්කුඩු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි අයෙකු බව පොලීසිය සඳහන් කළා.
සති දෙකකට පෙරද දින 4ක් තුළදී රැඳවියන් තිදෙනෙකු මියගොස් තිබූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.