28.2 C
Colombo
Saturday, April 27, 2024

තවත් පුපුරණ ද්‍රව්‍ය සහිත ලොරි රථයක් පොලිස් අත්අඩංගුවට

- Advertisement -

මැද මහනුවර ඉන්ධන පිරවුම්හල අසලදී පුපුරන ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (26) 2.30ට පමණ කළ හදිසි පරික්ෂාවකදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගත් බවයි.

අදාළ ලොරි රථයේ තිබී ඩෙටනේටර් 05 ක්, අඩි 18 ක දිගකින් යුත් සේවා නූල් 05 ක්, කළු වෙඩි බෙහෙත් ග්රෑම් 450 ක්, ඇමෝනියා ග්රෑම් 335 ක්,ඩයිනා කරල් 03 ක්,ගිලට් මැෂින් 01 ක් හා චේන් බ්ලොක් එකක් සොයාගෙන තිබෙනවා.

ලොරි රථයේ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දිගන අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...