27.5 C
Colombo
Wednesday, October 4, 2023

කොවිඩ් ආසාදිත තවත් ගැබිණියක් ජීවිතක්ෂයට

- Advertisement -

කොවිඩ් 19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ගර්භණී කාන්තාවක් කරාපිටිය රෝහලේ දී ඊයේ (09) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස විල්පිට ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක්.

මෙම කාන්තාව නල දරු ක්‍රමය මගින් ගැබ් ගැනිමේ ප්‍රීතිය නිමිත්තෙන් අලු‍ත් අවුරුදු දිනයේ ඇයගේ නිවසේ සාදයක් පවත්තා ඇති අතර ඊට බොහෝ පිරිසක් සහභාගීවී තිබෙනවා.

පසුව ඇයගේ මවට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනීමත් සමඟ මෙම කාන්තාවටද PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර එහිදී තහවුරු වී ඇත්තේ ඇයටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

අනතුරුව ඇය මුල්ලේරියාව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙනහළු ආසාදනයට ලක් වී අසාධ්‍ය තත්ත්වයට පත්වීම නිසා එක්මෝ ප්‍රතිකාර දීම සඳහා ඉකුත් 29 වන දින කරාපිටිය රෝහලට මාරුකර යවා තිබෙනවා.

එලෙස එක්මෝ යන්ත්‍රයට සම්බන්ධ කර ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවාද කුස තුලම මියයාම හේතුවෙන් ඇය පෙරේදා (08) දිනයේ මළ දරු උපතක් සිදු කර තිබෙනවා.

අනතුරුව ඊයේ (09) දිනයේ ඇයද මියගියා.

මියගිය කාන්තාවගේ දේහය නිරෝධායන නිතීරීති අනුව ඊයේ (09) පස්වරුවේම දඩල්ල ආදාහනාගාරයේදී සිදුකර තිබෙනවා.

ඇයගේ නිවසේ පවත්වන ලද සාදයට සහභාගි වූ 17 දෙනෙකුද කොවිඩ් ආසාදිතයන් බවට මේ වන විට හදුනාගත් බව අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

දරුවන් සිඟමනට යොදා ගැනීම වළක්වන්න කමිටුවක්

දරුවන් සිඟමනට යොදා ගැනීම නතර කිරීම සදහා විශේෂ කමිටුවක් පත් කිරීමට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේදී...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...