ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර මහතා පවසනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය ශක්‍යතාව පවත්වා ගනිමින් මීළග සංශෝධනයේදී ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට පියවර ගන්නා බවත් ඔහු පැවසුවා.
මේ අතර ජල ගාස්තු සංශෝධනය, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය කටයුතුවලට විශාල පීඩනයක් එල්ල කර ඇති සාධක කිහිපයක් මත සිදුවූ බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.