28.9 C
Colombo
Saturday, April 27, 2024

ජනපතිගේ ඇමතිකම් ජනපතිටම තියාගන්නැයි අනුර කියයි

- Advertisement -

සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවකට එක් වීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රට අර්බුදයකට පත්ව ඇති මොහොතක අමාත්‍ය ධූර භාර ගැනීම සඳහා සියලු පක්ෂවලට ආරාධනා කිරීමට යුක්ති සහගත අයිතියක් ජනාධිපතිවරයාට නොමැති බවයි ඔවුන් පවසන්නේ.

ජනතාව ඉල්ලා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ පාලනය පලවා හරින ලෙස බවත් ඒ හේතුවෙන් තම පක්ෂය මෙම යෝජනාව ප්‍රතික්ෂේප කරන බවත් ජාතික ජන බලවේගය ගොඩනැගුවේ බලය ලබා ගැනීමේ අරමුණින්ම බවද අනුර කුමාර දිසානායක පවසනවා.

ආර්ථික හා ගෝලීය කාරණා කිහිපයක් හේතුවෙන් වත්මන් අර්බුදකාරී තත්ත්වය හටගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අද (04) දින නිකුත් කරනු ලැබූ නිවේදනයක දැක්වුණා.

එබැවින් උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කර සිටියා

ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ප්‍රධාන පෙළේ රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළම ඊට විසඳුම් සෙවිය යුතුව ඇති බවත්, සමස්ත රටවැසියන් සහ උපනූපන් අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියාකළ යුතුව ඇති බව ද එම නිවේදනයේ තවදුරටත් සඳහන් විය.

එබැවින් අමාත්‍ය ධුර භාරගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපතිවරයා ඇරයුම් කරනු ලැබීය.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...