අනූෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ආගමික වතාවත්වලින් අනතුරුව අද (04) දින සිය ධුරයේ වැඩ භාර ගත්තා.
මීට පෙර කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටියේ ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතාය.
ඔහු තවත් වසර දෙකක සේවා කාලයක් තිබියදි විශ්‍රාම ගැනීමට තීරණය කර තිබුණි.
කලක් විදුලි සංදේශන නියාම කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කර ඇති අනූෂ පැල්පිට මහතා පළපුරුදු පරිපාලන නිලධාරියෙක්ද වනවා.
කෙසේ වෙතත් 2015 ජනාධිපතිවරණ සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදාහැරීම මගින් රජයට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් අවභාවිතාකිරීම හා පාඩුවක් සිදුකිරීම යන චෝදනාවන්වලට අනූෂ පැල්පිට මහතා හා එවකට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වරදකරුවන් වී වසර තුනක සිර දඩුවම් නියමව සිටියා.
කෙසේ වෙතත් ඒ සම්බන්දයෙන් සිදුකල අභියාචනයට අනුව පසුගිය නොවැම්බර් 19 වෙනිදා කුමුදුනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරියන් විසින් ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කෙරුණා.





