25.8 C
Colombo
Wednesday, May 15, 2024

මහර රැදවියන්ට වෙඩි තැබූ සියලු දෙනා අත්අඩංගුවට ගන්න – මහේස්ත්‍රාත්

- Advertisement -

කොවිඩ් පරීක්ෂණ සිදු කරන ලෙස හා කොරෝනා ආසාදනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රැඳවියන්ට කළ විරෝධතාවක දී ඔවුන්ට වෙඩි තබා රැඳවියන් 11 දෙනෙකුගේ මරණ සිදු කිරීම අපරාධයක් බවට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩිවවිදාන මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා ඊයේ (26) නියෝග කර ඇත්තේ එම එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

මරණකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කැරැල්ලක් මැඩපැවැත්වීම සඳහා හෝ මානුෂිය මෙහෙයුමක් සඳහා වෙඩි තැබු බවට පෙනෙන්නට නොමැති බවයි නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දී ඇත්තේ.

මේ අනුව මරණකරුවන්ට වෙඩි වැදී ඇති ආකාරය අනුව කලහකාරී අන්දමින් හැසිරුණු බව පැවසෙන රැඳවියන් විසුරුවා හැරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් වෙඩි තැබූ දැයි සැකයක් මතුවන බව ද එම තීන්දුවේ සඳහන් වනවා.

මහර බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා ඔවුන්ගේ දණ හිසින් පහළට වෙඩි තැබීමට අණදුන් නමුත් කලහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ගේ දණ හිසෙන් පහළට වෙඩි තැබු බවට සාක්ෂි ඉදිරිපත්ව තිබෙනවා.

එහිදී කිසිඳු රැඳවියෙකුගේ දණ හිසෙන් පහළට වෙඩි වැදී තිබූ බවට සලකුණු නොමැති බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා මියගිය රැඳවියන් 11 දෙනාගේ මරණ සිදුව ඇත්තේ ඔවුන්ගේ හිස, බඩ පපුව ආදී ප්‍රදේශවලට වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල හේතුවෙන් බවද පෙන්වා දී ඇත.

මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයක් විසුරුවා හැරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමක දී රැඳවියන් 11 දෙනෙක් මිය යාම සහ රැඳවියන් විශාල පිරිසකට තුවාල සිදුවීම සම්බන්ධයෙන් කළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ මියගිය රැඳවියන් 11 දෙනා සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන්ට මරණ සහතික නිකුත් කරන ලෙසයි.

මෙලෙස මරණ සහතික නිකුත් කිරීමට නියම කරනු ලැබුවේ මෙම සිද්ධියේ දී මිය ගිය මහර බන්ධනාගාරයේ රඳවා සිටි අමිත් සුභසිංහ, රවිඳු සුලක්‍ෂණ රුද්‍රිගු, සුජිත් කුමාර, ප්‍රගීත් අතුල කුමාර, කාරියවසම් හෙවත් රංග, සම්පත් පුෂ්පකුමාර, භවන්ත මහින්ද, මාලන් ෆෙක්, අවිශ්ක මධුෂාන්, ලහිරු නිමන්ත සහ සුජිත් කුමාර යන පුද්ගලයන්ටයි.

පසුගිය කොරෝනා සමයේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් විසින් තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි දැනගැනීම සඳහා කොවිඩ් පරීක්ෂණ සිදු කරන ලෙස කොරෝනා වෛරසය ආසාදනය වී බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා 2020 නොවැම්බර් මස 29 වනදා විරෝධතාවක් සිදුකළා.

ඒ අවස්ථාවේදී ඔවුන් කලහකාරී අන්දමින් හැසිරෙමින් විරෝධතාවයක නියැලී ඇති බවට පොලීසිය අධිකරණයට වාර්තා කර තිබුණා.

අදාළ විරෝධතාව මැඬපැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් පළමුව කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පසුව රබර් උණ්ඩ යොදා කලහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ට වෙඩි තබනු ලැබුවා.

ඉන් පාලනය නොවූ රැඳවියන් පාලනය කර කැරැල්ල මැඬපැවැත්වීම සඳහා ජීව උණ්ඩ යොදා රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබීමට අණ දුන් අතර කලහකාරී අන්දමින් හැසිරුණු රැඳවියන්ගේ දණහිසින් පහළට බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් කළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී සාක්ෂි ඉදිරිපත්ව තිබෙනවා.

කැරැල්ල සිදුවූ අවස්ථාවේදී මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කිහිපදෙනෙක් මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී සාක්ෂි ලබාදී ඇති අතර එම සාක්ෂිවලට අනුව බන්ධනාගාර නිලධාරීන් හතර අතේ වෙඩි තැබූ බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී තුවාල ලබා බන්ධනාගාරය තුළ වැටී සිටි බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර ගේට්ටුව දක්වා රැඳවියන් විසින් ඔසවාගෙන ඒමේදී බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ට පවා වෙඩි තැබූ බවටද සාක්ෂි ලැබී තිබෙනවා.

කොරෝනා සමයේ සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහාචාර්ය ජීන් පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් කණ්ඩායමක් විසින් පශ්චාත් මරණ පරීක්‍ෂණ පැවැත්වූ අතර දැඩි සෞඛ්‍ය රැකවරණය යටතේ වැලිසර හිටපු මහේස්ත්‍රාත්වරයා ස්ථානීය පරීක්ෂණ හා මරණකරුවන් හඳුනා ගැනීම සඳහා මහේස්ත්‍රාත් පරීක්ෂණ කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ අනුව මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයේදී වෙඩි තබා රැඳවියන් 11 දෙනකු ඝාතනය කිරීම අපරාධයක් බව තීරණය කළ මහේස්ත්‍රත්වරයා අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට නියම කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුව ගැන සාකච්ඡාවට නිළධාරීන් ගිහින් නැහැ

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද...

රජයේ දේපළකට අයුතු ලෙස ඇතුළු වු 14දෙනා රිමාන්ඩ්

රජයේ දේපොළකට අයුතු ලෙස ඇතුළු වූයේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 14 දෙනෙකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත...

වෙසක් සැරසිලිවලට ප්ලාස්ටික් තහනම්

එළඹෙන වෙසක් සමයේ සිදු කරන විවිධාකාර සැරසිලි සඳහා ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙළඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතින් ප්ලාස්ටික් වලින්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...