30 C
Colombo
Thursday, May 2, 2024

අරුන් සිද්ධාර්ත් අත්අඩංගුවට

- Advertisement -

සමගි ජන බලවේගයේ යාපනය නල්ලූර් ප්‍රදේශයේ සංවිධායකවරයා වන වෙට්ටිවෙලු ජයන්තිරන් නමැත්තාට පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ගොම ප්‍රහාරයක් එල්ල කර දේපළවලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් අරුන් සිද්ධාර්ත් අධිකරණයට ඉදිරිපත් කළ පසුව එළැඹෙන මැයි මස 05 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට යාපනය වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

සමගි ජන බලවේගයේ නල්ලූර් සංවිධායකවරයා සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ට අශෝභන ලෙස අපහාස කිරීම හේතුවෙන් යාපනය කාන්තා සංවිධානයක කාන්තාවන් පිරිසක් මෙලෙස ඔහුට ගොම ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම සංවිධානය සඳහන් කරන්නේ තම කාන්තා සංවිධානය යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයට අනුබද්ධව කටයුතු කිරීම හේතුවෙන් එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන අරුන් සිද්ධාර්ත් අත්අඩංගුවට ගත් බවයි.


RECENT ARTICLES - SINHALA

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

Breaking:මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

භෞතික විද්‍යාඥයෙක්, දාර්ශනිකයෙක් සහ දේශපාලන විශ්ලේෂකයෙක් වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණා. ශ්‍රී...

පොහොට්ටුවේ හිටපු උප සභාපතිවරයෙක් කුඩු සමග මාට්ටු

කටුනායක - සීදුව නර සභාවේ හිටපු උප සභාපතිවරයෙකු ලක්ෂ 4ක් පමණ වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. බඩල්ම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මීගමුව ප්‍රදේශයේ සිදු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...